Pages

Tuesday, March 5, 2013

ඡායාරුපයේ සැකැස්ම - composition


කලාත්මක ඡායාරුපයක් ගැනීමේදී ආධුනිකයෙක් විසින් පහත මුලික කරුණු කෙරේ අවධානය යොමුකිරිම ඉතා වැදගත් වෙනවා.

  • ඡායාරුපයේ සැකැස්ම - composition 
  • අනාවරණය - Exposure
  • ආලෝකය  - Light 
  • භාවිතා කරන කාචය - Lens 

ඡායාරුපයේ සැකැස්ම - composition 


ෆොටෝ එකක සැකැස්ම (composition) මගින් කල යුතු ප්‍රධාන කාර්යය වන්නේ එම ඡායාරුපය නරඹන ප්‍රේක්ෂකයා ගේ ඇස, අරමුණ කෙරෙහිම  රඳවා තබා ගැනීමයි. 

ෆොටෝ එකක් compose කරන ක්‍රම සහ සැකැස්මේ නීති  (Composition  Rules) බොහොමයක් තියෙනවා. අපි ඉන් කීපයක් උදාහරණ සහිතව  බලමු. 

Framing 
අප ගන්නා ඡායාරුපය, පරිසරයේ ඇති ගස් වැල් මෙන්ම මිනිසා විසින් නිර්මිත  ආරුක්කු, පාලම් වැනි දේවල් තුලින් ඡායාරුප ගත කිරීම මගින් එම ඡායරුපයට ස්වභාවික රාමුවක් එක කල හැක. එසේ කිරීම තුලින් ප්‍රේක්ෂකයා ගේ ඇස අරමුණ කෙරෙහි රඳවා තබාගත හැක.




Rule  of  Third 

මේ  Rule of Third ක්‍රමය  ඡායාරුප ශිල්පින් අතර ජනප්‍රියතම  සැකසුම් ක්‍රමය ලෙස දැක්වීම වරදක් නොවේ. මෙහිදී කරන්නේ අපගේ ඡායාරුපය සමාන කොටස් 9කට බෙදී යන ලෙස එහි දික් සහ හරස් අතට මනඃකල්පිත රේඛාවන් 2 බැගින් ඇඳ  අපගේ ප්‍රධාන අරමුණ (subject) එම රේඛාවන් කැපියන  තැන්වල හෝ රේඛාවන්  දිගේ පිහිටන ලෙස සකස් කිරීමයි. (බොහෝ ඩිජිටල් කැමරාවල LCD  තිරය මෙසේ සටහන් කර ඇත.)


Dramatic Perspective 

ඡායාරුපය ගැනීමේ  කෝණය වෙනස් කිරීමෙන්, ඡායරුපයට විශාල වෙනසක් එක්කල හැක. අපි හැම වෙලේම පුරුදු වෙලා තියෙන්නේ අපේ ඇස්  මට්ටමෙන් බලන්න, ෆොටෝ ගන්න. නමුත් මේ ඇස්  මට්ටමෙන් වෙනස් උනාම අපිට ලෝකය හරිම වෙනස් විදිහට දකින්න පුළුවන්.



Horizon Line

ක්ෂිතිජ රේඛාව කිසිම විටක ඡායරුපයේ මැදට ගන්න එපා. එය ඡායරුපයේ හරි මැදට වඩා පහලට හෝ ඉහලට ගන්න. එමෙන්ම ක්ෂිතිජ රේඛාව, ෆොටෝ එකේ තිරස් දාරයන්ට සමාන්තරව තබාගන්න.





මිට අමතරව ඡායාරුපයක් සකසන තවත් ක්‍රම composition  methods ගොඩාක් තියෙනවා. නමුත් දැනට මේ ඇති. 

Break the Rules

මෙන්න මේ නීතියට තමයි මම වැඩියෙන්ම කැමති. මොකද ඡායාරුප ශිල්පය කලාත්මක නිර්මාණයක් සඳහා යොදවන විට එම ශිල්පියාට නීතිවලින් කොටුවෙලා කලාත්මක නිර්මාණයක් කරන්නත් සමහර විට බැහැ  වගේම මේ සම්ප්‍රදායික නීති බිදීම  තුලින්ද වඩා ප්‍රබල ලෙස නිර්මාණයක් ඉදිරිපත් කරන්නත් පුළුවන් කියන තැන තමයි මං   ඉන්නේ. මේ පහත තියෙන ෆොටෝ දෙකම composition rules බිඳ දැමු  අවස්ථාවන්, නමුත් මම  ඒ ෆොටෝ දෙකට කැමතියි., එහෙනම් එච්චරයි. 





අනාවරණය - Exposure, ආලෝකය  - Light , භාවිතා කරන කාචය - Lens  යන කරුණු ගැන වෙනත් පොස්ට් එකකින් කතා කරමු.



No comments:

Post a Comment

ඔබට මාතෘකාවට අදාළ යම් ගැටළුවක් වෙතොන් එය මෙහි කොමෙන්ට් එකක් ලෙස පලකරන්න. හැකි ඉක්මනින් පිළිතුරු ලැබීමට කටයුතු කරනු ඇත.

මෙය හුදෙක් දැනුම බෙදාදීම සඳහාම වෙන්කළ අඩවියක් වැවින් කොමෙන්ට් කිරීම අදාළ ගැටළු වලට පමණක් සිමා කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.