මැක්රෝ ඡායාරුප ( Macro Photography) ප්‍රවීනයන්ට මෙන්ම ආධුනිකයන්ට ද ඉතා සිත් ගන්නා අංශයක් වේ. මැක්රෝ ඡායාරුප ගැනීම අපහසු කාර්යයක් නොවුවද ඒ වෙනුවෙන් විශේෂිත උපකරණ යොදාගැනීමට සිදුවීම සමහරක් අවස්ථාවන්හිදී ආධුනිකයන් හට ගැටළුවක් වන අවස්ථාවක් වේ.
බොහෝ අවස්ථාවන්හිදී මැක්රෝ ඡායාරුප ඉතා සමීප ඡායාරුප සමග පටලවා ගැනීමක් දක්නට ලැබේ. එබැවින් පළමුව මැක්රෝ ඡායාරුප යනු කුමක් දැයි අර්ථ විග්‍රහ කරගැනීම වටි.
මැක්රෝ ඡායාරුප යනු අප ඇසට පෙනෙන ඉතා කුඩා වස්තුන්ගේ අති සමීප ඡායාරුපයක් වන අතර, එහි ප්‍රතිබිම්බයේ විශාලනය (සෙන්සරය හෝ සේයාපටලය මත ඇතිවන) සජීවී ප්‍රමාණයේ (1:1) හෝ ඊට වඩා විශාල විය යුතුය.
උපකරණ සහ තාක්ෂණික ක්‍රම
මැක්රෝ ඡායාරුප ගැනීම සඳහා ඒ සඳහා විශේෂයෙන් සැකසු මැක්රෝ කාච (Macro Lens) භාවිතා කල යුතු වෙනවා, මෙම කාච ඉතා මිල අධික වෙනවා.මැක්රෝ කාච (Macro Lens) |
මෙම මිල අධික මැක්රෝ කාච (Macro Lens) යොදා නොගෙන මැක්රෝ ඡායාරුප ගැනීමේ ක්‍රම කීපයක් ද ඇත. එම ක්‍රම ගැන ද දැනගැනීම වැදගත් වෙනවා. මැක්රෝ කාච යොදා නොගෙන මෙම ක්‍රම මගින්ද ඉතා හොඳ තත්වයේ ඡායාරුප නිර්මාණය කරගත හැක.
Extension Tubes: සෙන්සරය සහ කාචය අතර දුර වැඩි වන පරිදි කාචයත් කැමරා බොඩි එකත් අතරට Extension Tub යෙදීම මගින්ද මැක්රෝ ඡායාරුප ගැනීම සිදුකල හැක. මෙය ඉතා ජනප්‍රිය ක්‍රමයක් වගේම මිල අඩු ක්‍රමයක් වශයෙන් ද දක්වන්න පුළුවන්. එමෙන්ම මෙහිදී කාචය ඉදිරියෙන් හෝ පිටිපසින් වෙනත් කාචයක් හෝ පෙරනයක් (optics) සවි නොවන නිසා ඔබගේ කාචයේ ගුණාත්මක භාවය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොවීම ඉතා විගාල වාසියක් වේ.
![]() |
Extension Tubes |
Close-up lens එකක් හෝ Close-up filter එකක් කැමරා කාචයට ඉදිරියෙන් සවිකිරීම මගින්ද මැක්රෝ ඡායාරුප ගැනීම කළ හැකි වුවද එය මහින් කාචයේ ගුණාත්මක භාවය කෙරෙහි අති විශාල බලපෑමක් සිදුකල හැක. බොහෝවිට මේ ආකාරයෙන් ගනු ලබන ඡායාරුප වල ගුණාත්මක භාවය, මැක්රෝ කාච හෝ Extension Tub යොදා ගනු ලබන ඡායාරුප වලට වඩා අඩු වේ.
Reversing Ring : කැමරාවේ සාමාන්‍ය කාචය, එහි ඉදිරිපය කොටස කැමරා බොඩි එකට සවිවන සේ සකස් කර ඇති reversing ring නමැති උපකරණය මගින් කැමරාවට සවිකිරීම ද තවත් එක් ක්‍රමයකි.
Reversing Ring එකක් යොදා කැමරා කාචය සවිකර ඇති අයුරු. |
Macro Coupler නම් උපකරණය මගින් සාමාන්‍ය කැමරා කාචය එලෙසම තිබියදී එයට ඉදිරියෙන් තවත් කාවයක් පෙර කි අයුරින් එහි ඉදිරිපස සසුපසට පිහිටන ආකාරයට සවිකිරීම මගින්ද ඉතා විශාලනයක් සහිත මැක්රෝ ඡායාරුප ලබාගත හැක. කැමරා කාච දෙකෙහි ෆිල්ටර් සඳහා ඇති කොටස් දෙක එකට යා කල හැකි ලෙස මෙම Macro Coupler ring එක සකසා ඇත.
බ්‍රිජ් සහ "point and shoot" කැමරා වල ලෙන්ස් මාරු කිරීමේහැකියාව නොමැති නිසා, ඒ කැමරා වල මැක්රෝ ඡායාරුප ගැනීම සඳහා වෙනමම බොත්තමක් ඒ වෙනුවෙන් ලබා දී ඇත. මෙවැනි අවස්ථාවකදී එම බොත්තම එබීමෙන් මැක්රෝ සක්‍රිය කරගත හැක.
මැක්රෝ ඡායාරුප කරණයේ අංශ කීපයක්.
සමනලුන් : ඉතා කුඩා සමනලුන් මැක්රෝ ඡායාරුප කරණයේ ඉතාම සිත් ගන්නා අංශයක් වන අතර මොවුන් වෙත ලඟා වීම ඉතා ඉවසීමෙන් මෙන්ම සීරුවෙන් කල යුත්තක් වෙනවා.ජල බිඳු : වර්ෂාවකට පසු හෝ හිමිදිරි පාන්දර දකින්නට ලැබෙන ජල බිඳු ද ඔබගේ මැක්රෝ ඡායාරුප වලට ඇතුලත් කරගත හැක.
මල්: ඉතා කුඩා මල් සහ කොළ වර්හ ද සිත් ගන්නා සුළු මැක්රෝ ඡායාරුපයන් වේ.
කෘමින්: ඉතා කුඩා කෘමින් ද ඔවුන්ගේ වර්ණ සහ හැඩතල ඉස්මතුවන ආකාරයට මැක්රෝ ඡායාරුප වලට ලක් කල හැක.