ඡායාරූප ශිල්පියා තම අවට ඇති පරිසරයටත්, එහි වසන්නා වූ මිනිසුන් සතා සීපාවා ඇතුළු ගහ කොළ සියල්ලට ම ආදරය කරමින් එහි සුන්දරත්වය වින්දනය කරමින්, එය අන් අය වෙත ද දක්වනු රිසියෙන් තම කාචය තුලින් සටහන් තබන්නා වූ මිනිසෙකි. මා විසින් වින්දනය කල එම සුන්දරත්වයත් එය සටහන් කරන්නා වූ මගේ පන්හිද වන ඡායාරූප ශිල්පය පිලිබඳ ව ඇති අල්ප වූ දැනුම් මාත්රයත් ඔබ වෙනුවෙන් මෙසේ සටහන් තබමි.