Pages

Monday, February 25, 2013

කැමරාවේ මෙගා පික්සලේද? සෙන්සර් එකද?


අද මම කථා  කරන්න යන්නේ ඩිජිටල් කැමරා බොඩි එකේ  තියෙන වැදගත්ම කොටස වන Image Sensor  එක ගැන.  මේ Image Sensor  එකට "ප්‍රතිබිම්බ සංවේදකය" එහෙමත් නැත්නම් "ප්‍රතිබිම්බ උත්තේජකය" කියලා කියන්න පුළුවන්.  නමුත් මම නම් මේ ෆොටෝග්‍රපි ගැන කතා කරන්නේ අපි දන්නා විදිහට සිංහලෙන්,  සහ ඉංග්‍රීසි යන භෂා දෙකෙන්ම. එතකොට හරිම  ලේසියි. හැම වචනයම සිංහලෙන්ම කියන්න ගියොත් එක හරිම කරදරයක් වෙනවා.  ඒ නිසා බේ බ්ලොග් එක මම ලියන්නෙත් අපි සාමාන්යෙන් කතා කරන භෂාවෙන්. 

හොඳයි එහෙනම්  දැන් පාඩම පටන් ගමු.

ඩිජිටල් කැමරා එකේ  තියෙන Image Sensor එකෙන් කරන්නේ optical image එකක්  electrical signal එකක් බවට පරිවර්තනය කරන එක. මේ  signal එක තමයි කැමරාවේ තියෙන පොඩි කොම්පුටර් කෑල්ලෙන් එහෙට මෙහෙට හරවලා, memory card එකේ ලියාගන්නේ. ඔය ක්‍රියාවලිය අපිට එතරම් වැදගත් නැහැ. නමුත් මේ  Image Sensor එක ගැනයි මේකේ size  එක ගැනයි දැනගන්න එක බොහොම වටිනවා.  අපි කැමරා එකක් මිලදී ගන්න කොට මේ ගැන තමයි වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.

ඩිජිටල් කැමරා වල  Image Sensor වර්ග දෙකක් භාවිතා කරනවා එක වර්ගයක් CCD image sensor  අනිත් එක CMOS  image sensor. මේ වර්ග දෙකෙන්ම කරන්නේ මේ මතට ලැබෙන ආලෝකය,  electrical signal (විද්‍යුත් ධාරාවක්) බවට පරිවර්තනය කරන එකයි.

ඔය පහලින් තියෙන්නේ ඒ වර්ග දෙක.
  • CCD – Charge Coupled Device is an analog device.

  • CMOS - Complementary Metal–Oxide–Semiconductor this also called as active-pixel sensor (APS)


මේ විදිහට සරලව හිතන්නකෝ, ඔය sensor  එක, ඉතා කුඩා ආලෝකයට සංවේදී කොටස් මිලියන ගණනාවකින් හැදිලා තියෙනවා. ඒ කුඩා කොටස් තමන්ට ලැබෙන ආලෝකයට අනුව විදුලියක් නිපදවනවා.  එතකොට ඔය මුළු  sensor  එකට වැටෙන පින්තුරය නැවත හදන්නේ කුඩා, කුඩා කොටස්  වලින් නිපදවෙන විදුලියෙන්. පැහැදිලියි නේද?

අපි කලින් කිවා වගේ මේ දෙකෙන්ම කරන්නේ එකම කාර්යය උනත් CCD  වර්ගයට වඩා CMOS වර්ගය කාර්යක්ෂම තාවය අතින් ඉහලයි.  නවීන කැමරා වල තියෙන්නේ මේ CMOS  වර්ගයයි.

Sensor Format

ඩිජිටල් ඡායාරුප ශිල්පයේදී Sensor Format කියන්නේ  Image Sensor එකේ ප්‍රමාණයට. නොයෙකුත් ප්‍රමාන වල  Image Sensors  ඩිජිටල් කැමරා වල භාවිතා වෙනවා. බොහෝ දෙනෙක් ළඟ තියෙන කුඩා point and shoot  ඩිජිටල් කැමරා වල තියෙන්නේ ඉතා කුඩා  Image Sensor එකක් නිසා, එම කැමරා වලින් high quality photos ගන්න හැකියාවක් නැහැ වගේම එම කැමරා වලින්  ගන්න ඡායාරුප විශාල කර (enlarge) මුද්‍රණය කිරීමේ හැකියාවකුත් නැහැ.


ඉහල තියෙන සටහන බලන්න.  එකේ තියෙනවා sensor formats  දක්වලා. ලොකුම sensor එක තමයි full frame කියන්නේ.මේකේ ප්‍රමාණය තමයි මි.මි.35 ෆිල්ම් කැමරා වල තිබුන negative ප්‍රමාණය වන මි.මි.36 x 24 ප්‍රමාණය. full frame කැමරා ඉතාම ඉහල මිලක් ගන්නවා. මේ තියෙන්නේ ඒ කැමරා කීපයක්.










 නමුත් අද අපි භාවිතා කරන බොහොමයක් DSLR කැමරා වල තියෙන්නේ APS-C  image  format   එකක්. මෙම APS-C  ෆෝර්මට්  එක සහිත කැමරා වලින් ඉතා හොඳ ෆොටෝ ගන්න පුළුවන්. නමුත්  bridge  වර්ගයේ කැමරා වල තියෙන්න ඔය සටහනේ තියෙන කුඩාම ප්‍රමාණ වන 1/1.7, 1/1.8 හෝ 1/2.5 වගේ sensor  එකක්. මේ නිසා තමයි bridge  වර්ගයේ කැමරා වලින් ගන්න  පින්තුර enlarge  කිරීමේදී ප්‍රශ්න  ඇතිවෙන්නේ.


මෙගා පික්සලේද? සෙන්සර් ෆොර්මැට් එකද?

දෙන්න පුලුවන්ද උත්තරේ?  අපි බොහෝවිට කැමරාවක් මිලදී ගන්න ගිය විට බලන්නේ මෙගා පික්සල් ගණන. නමුත් වඩා වැදගත් වන්නේ Sensor Format  එක. මේ නිසා තමයි මෙගා පික්සල් 24ක    කුඩා කැමරාවකින් ගන්න පින්තුරයකට වඩා  මෙගා පික්සල් 10ක  APS-C  sensor  එකක් තියෙන DSLR  එකකින් ගන්න ඡායාරුපය හොඳ වෙන්නේ.

පොස්ට් එක දිග වැඩියි වගේ හිතෙනවා ඒ නිසා Image  Sensor  එකටම අදාළ  වන Crop Factor  එක සහ Focal  Length  Multiplier කියන දේවල් ගැන ඊළඟ සැරේ කතා කරමු. මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක කැමරාවක් මිලදී ගැනීමේදී ඉතාම වටිනවා. නැත්නම් ඉතින් වෙළඳ ප්‍රචාරණයට තමයි අහුවෙන්නේ.


දෙවන කොටස මෙතනින් බලන්න 

No comments:

Post a Comment

ඔබට මාතෘකාවට අදාළ යම් ගැටළුවක් වෙතොන් එය මෙහි කොමෙන්ට් එකක් ලෙස පලකරන්න. හැකි ඉක්මනින් පිළිතුරු ලැබීමට කටයුතු කරනු ඇත.

මෙය හුදෙක් දැනුම බෙදාදීම සඳහාම වෙන්කළ අඩවියක් වැවින් කොමෙන්ට් කිරීම අදාළ ගැටළු වලට පමණක් සිමා කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.